Friday, November 14, 2008

ඉබි කෙළිය

ඔන්න මම ආයෙත් පටන් ගත්තා ඉබ්බා ගහන්න.

හවසට බෑග් එකත් එල්ලගෙන කැම්පස් එකේ ඉඳං බම්බලපිටියට පයින් යන්න කම්මැලි හිතුණා. පයින් ගිහින් තව කෝච්චියෙ හිටගෙනත් යන්න වුණාම ඇඟට හරි සැප! ඒ නිසා මං දැන් හවසට බස් එකේ බම්බලපිටියට යනව. කෝ බස් එකේ ටිකට් දෙන්නෑනෙ. මං මොකද කරන්නෙ කොන්දොස්තරත් එක්ක වාද කරන්නෙ නෑ; ගහනව ඉබ්බ. මටත් ලේසියි, ලාබයි. හැබැයි කොන්දොස්තර අතේ ටිකට් පොත තිබුණොත් නම් මම ටිකට් ගන්නවා.

මම මහරගම බෝඩිමේ හිටපු කාලෙ 112, 138, 176.. මේ ගොඩක් ඒවයෙ ටිකට් නොදෙන වෙලාවට මම නොසෑහෙන්න ඉබ්බ ගහල තියෙනව. සමහර දවස් වල යාම් ඊම් දෙකම නොමිලේ.. :D

ඉස්සර එක කාලෙක මේක පුරුද්දක් කරගෙන හිටිය.. ඉඳහිට දවසක අම්බලන්ගොඩ - කොළඹත් නොමිලේ.. සල්ලි නැති කමකට නෙවෙයි, ආතල් එකට. පස්සෙ ඒ වැඩේ වැරදි බව තේරුම් අරං නැවැත්තුවා.

CTB බස් වල නං කොහොම හරි ටිකට් එක ගන්නවා. ඒත් පුද්ගලික බස් වල ඉබි කෙළිය සලකා බලනවා. ටිකට් දෙන්නැත්තං ඉතිං අනිවා ඉබ්බා.

ටිකට් වලට බස් කොන්දොස්තරලත් එක්ක ඇරගන්නෙ මොකටද? මං වගේ ඉබ්බ ගහන්න පුරුදු වෙන්න.

ගැමුණු විජේරත්න මහත්තය දැං කියයිද දන්නෙ නෑ 'ඉබ්බො ගහන්නන්ගේ ප්‍රතිශතය ඉහළ යාම නිසා බස් ගාස්තු තව 25%කින් වැඩි කළ යුතුයි' කියල.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

25 comments:

  1. කැස්බෑව ගහන එක ඉබ්බා ගහන එකටත් වඩා ජොලි.ටිකටුත් නොගෙන ඉතුරු සල්ලිත් ඉල්ලගෙනම යන්න පුලුවන්.

    ReplyDelete
  2. යකඩෝ මේ වගේ සතා සිව්පාවොත් බස් වල යනවාද?

    ReplyDelete
  3. ඔය වැඩේ මාත් ඉස්සර කරා. මට මතකයි අපේ ඉස්කෝලෙ කොමස් උගන්නපු සර් කිව්වා "මම නං කවදාවත් ප්‍රයිවට් බස් කාරයන්ගෙන් ටිකට් ගන්නේ නෑ. ලඟට ඇවිල්ලා ඇහුවොත් මම කියනවා 'ගත්තා ඕයි!!!' කියලා, එතකොට උං සරෙන්ඩර් වෙනවා". හැබැයි එක දවසක් මතකයි ඔහොම කෙනෙක් ටිකට් නැතුව ගිහිල්ලා, කොන්දොස්තර මිනිහා යනකං බයිට් කර කර ගියා. එදායින් පස්සේ මට ඒ පුරුද්ද නැවතුනා. බි.පෙ.සි..
    දිලූප...

    ReplyDelete
  4. මමත් මේ හැදුවේ කැස්බැවා පාරක් try කලේ නැද්ද කියලා අහන්න.

    ReplyDelete
  5. අලුත් අලුත් වචන ගොඩක් මම ඉගෙන ගන්නව, ඒක හොඳයි, භාෂාව පුරුදු වෙනව නේ.
    ලියන්න ලියන්න, තව මතක් වෙනවා. න, ණ, ල, ළ දැන් සැලකෙන්නෙ නැද්ද?
    සමීර පුතේ අර් ඊයෙ සටහනේ අන්තිමට මම කවියක් ලිව්ව, ඒකෙ සභ්‍යත්වය නම් ටිකක් අඩුයි.

    ReplyDelete
  6. එල.. ඉබ්බා ගැසීම ජාතික ප්‍රතිපත්තියක් බවට පත් කරන්න ඕනා ප්‍රයිවෙට් බස්කරුවන්ට එරෙහිව.

    අපිනම් ඉතින් කෝච්චියටත් ඉබ්බා ගැහුවා ... ලබාදෙන අකාර්යක්‍ෂම සේවයට දඬුවමක් වශයෙන්.. :D

    ReplyDelete
  7. ඉස්කොලේ යන දවස් වල CTB එකක ඉබ්බෙක් දානන් ගිහින් අනූනවයේන් බේරුනේ එදා ඉඳ කොන්ද ඉල්ලුවෙ නැතත් අඬගහල හරි ටිකට් එක ගන්නවා. :)

    ReplyDelete
  8. මෙන්න නියම හොරු ටිකක් මෙතන ඉන්නෙ. අම්මපා හොරට ගිහිල්ලා තව විලිසන්ගෙ නැතිව කියනහැටි විතරක්!

    ReplyDelete
  9. @ශකුන්තල
    කොච්චියේ නම් ඉබ්බා එපා, මොකද බාප්පලා එනවා.
    85ක ටිකට් එකට 1000ක් ගෙවන්නේ මොකැ..
    ආ, ඔයා වාර ප්‍රවේශපත්‍රයෙන් නේද යන්නේ.

    @tw
    මචං උඹ නම් ඉබ්බා ගහන්න ඔනා Air tell එකට, මතකනේ උන් IDD දීපු හැටි. හික්...

    @මලී
    මොකෝ නැත්තේ, පාර්ලිමෙන්තුවේ සත්තු ඔක්කොම ඉන්නවා.
    අනික තෝසේ නොකා ඉන්න අය මැට්ටෝ නම් බස් එකේ හොරෙන් යන අය ඉබ්බෝ උනාම මොකැ ;-)

    ReplyDelete
  10. ඉබ්බන් කෙළියෙ මම තවම ළදරු අවධියෙ ඉන්නෙ. කැස්බෑව ගැන නම් දැන්ම හිතන්නවත් බෑ. රජයේ ප්‍රවාහන සේවා වල ඉබිකෙළියෙන් වැළකීමයි මගේ සිරිත.

    @සරත් ගුණතුංග මහතා,
    න-ණ ල-ළ තාම සැලකෙනවා. හැබැයි සමහර අය ඒ භේදය දැන් නොසැලකිය යුතුයි යන මතයේ ඉන්නවා.

    කොහොම වුණත් භාෂාවක් හැදෙන්නෙ ඒ භාෂාව පාවිච්චි කරන බහුතරයකගේ මතයට අනුවයි, වියතුන් කළ යුත්තේ බස රැක ගැනීමයි. මට හිතෙන්නෙ එහෙම.

    @ඩනිෂ්ක,
    වාර ප්‍රවේශපත්‍රය නැත්තං මං විකිණෙනවා. :P

    ReplyDelete
  11. මම කියන්නේ ඉබ්බා ගැහිල්ල පාලනය කරන්න තමා කොන්දොස්තරලා දාලා ඉන්නෙ. නැත්නම් එතැනට පිං කැටයක් තියන්න පුළුවන්නෙ. නේ... ද...! මට කළ උදව්වට බොහෝමත්ම ස්තූතියි ඔබට ශාකුන්තල.......

    ReplyDelete
  12. බලාගෙන යද්දි ඔක්කෝටම හොද ඉතිහාසයක් තියෙනව නෙවැ.

    ReplyDelete
  13. @ ඩනිෂ්ක - අපොයි මගේ ශ්‍රී නාමය කෙලෙසන්න එපා :P

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. අම්මපා මචං උඹ නම් මාර resourceful වගේ.... මම කොච්චර try කලත් තාම අහු වුනේ නෑනේ ඔය කලාව

    ReplyDelete
  16. එල..එල..මචන්....මාත් ට්‍රය් එකක් දිලා බලන්න ඔනි...රුපියල් 20+12=32*2=64 ක් දවසට ඉතුරු කර ගන්න පුලුවන්....

    ReplyDelete
  17. හොරට යන එක වැරදියි නේද? කවුරු උනත් කරන්නේ සේවයක්නේ, මතක් කරලා ටිකට් ගන්න එක හොඳයි, අනුන්ට ණය තිබ්බොත් ඕවා ඊළඟ ආත්ම වල හරි ගෙවන්න වෙනවා. ඊළගට තමන්ට නැතිවෙනකොට , නැතිවෙන්නේ, දෙගුණ තුන්ගුණයක් වෙලා. එහෙමයි ලෝ දහම.

    ReplyDelete
  18. @ සකුන්තල

    මටත් එසේ මැයි. එත් ඕක අරගෙන වැඩි දවසක් යන්න බැ කොච්චි පරක්කුයි, එක්කෝ වර්ජනයක්.

    @ මලී

    ආ ඔයා "තෝසේ ඇම්බැසෙඩර්" කෙනෙක්ද? ;-)
    බිපෙසි!

    ඒක නෙමේ, ඔයා කොච්චර තොසේ කැවත් ඒසයිස්ම පරාටා කාලා නැනේ? ඔන්න ... :)

    ReplyDelete
  19. මම නම් බයම වැඩේ ඕක...

    ReplyDelete
  20. ටිකට් දෙන්නේ නැත්නම් මොකටද සල්ලි දෙන්නේ?
    ඔය ටිකට් නොදී කොන්දත් සල්ලි මාටියා ගහගන්නේ අහිංසක දුප්පත් අපිකලාම නරකද?

    ReplyDelete
  21. @ පහන් :- ඔහොම කියාගෙන තමයි ‍හැමෝම වැරදි කරන්නෙ! :D

    ReplyDelete
  22. ඔන්න අපේ බස් එකක එහෙම හොරෙන් ගියොත් කම් බස් කරනවා.......!!

    ReplyDelete
  23. මෙන්න හොරැ....

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. 120 නම් හොඩට ඉබ්බ ගහන්න පුලුවන්. සමහර වෙලවට ඉතුරු සල්ලිත් ඉල්ල ගන්න බෙරි නෙ. හබය් ඉතින් එක නම් ටිකක් රිස්ක්ය්

    ReplyDelete

Facebook ප්‍රතිචාර